කතරගම හිටපු සභාපතිට විදේශ ගමන් තහනමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
ඒ, තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතාගේ නියෝගයකට අනුවයි.
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යන චෝදනාවටයි, හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
සෑම මසකම අවසාන ඉරිදා දින කොළඹ අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බව සඳහන්.