Update – තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

Update – තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. (Update 17.17)


තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසිනි.

නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට පාඩුවක් සිදු කිරීමට ඔහුට එල්ල කර ඇති චෝදනාව වේ.

එහිදී ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් සිදු කර ඇති බව සඳහන්ය.

ඒ එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට සිදුව ඇතැයි කියන පාඩුවක් සම්බන්ධයෙනි. (Update 14.37)

Share This