විදේශ ප්‍රේෂණ සියයට 16.3කින් ඉහළට

පෙබරවාරි මස අවසන් වනවිට විදේශත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සියයට 16.3කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව එම මාසයේදී මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 548.1ක්.
2024 වසරේ පළමු මාස දෙකක සැසදීමේදී එය සියයට 16.3ක වර්ධනයක් බවයි, ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ.
2025 වසරේ පළමු මාස දෙක තුළ මෙරටට ඩොලර් මිලියන 1,121ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
2024 වසරේ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.6ක් වූ අතර එය මේ වසරේදී හත දක්වා වර්ධනය වනු ඇති බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පුරෝකථනය කර ඇත්තේ.