දිය අනතුරකින් විදේශීය ජාතික යුවළක් බේරා ගනියි
අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික යුවළක් දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් ඔවුන්ව බේරාගෙන තිබෙනවා.
එලෙස අනතුරට පත්ව ඇත්තේ, 51 හැවිරිදි කාන්තාවක් සහ 46 හැවිරිදි රුසියානු ජාතිකයින් යුවළක්.
ඊයේ (25) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික යුවළක් දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් සංගීත් සහ පොලිස් කොස්තාපල් දුලංජය යන නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන තිබුණා.