අධික මීදුමෙන් ජන ජීවිතයට බාධා

අධික මීදුමෙන් ජන ජීවිතයට බාධා

උතුරු ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ඝන මීදුමකින් වැසී ගොස් ඇති බව වාර්තා වනවා.

එම නිසා ජනතාවට තම එදිනෙදා කටයුතු නිසි පරිදි සිදු කර ගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.

අද උදෑසන දිල්ලි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාදවී ඇති අතර දුම්රිය බොහෝමයක්ද නැවත කාලසටහන්ගත කර හෝ ප්‍රමාද වී ධාවනය කරවන බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින කිහිපයේදීත් මෙම මීදුම සහිත තත්වයන් දිගටම පවතිනු ඇතැයි ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

කලාපය දැඩි සීතල රැල්ලකට මුහුණ දෙන නිසා වසරේ මේ කාලයේ දී දිල්ලියේ සහ උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල ඝන මීදුම බහුලව දක්නට ලැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

Share This