පුරාවස්තු ගන්න, කෑණීම් කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට
කිලිනොච්චිය පොලිස් වසමේ දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා අරවියනගර් කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යි.
සැකකරුවන් 22, 25, 37, 46 සහ 53 යන වයස්වල පසුවන ගලෙන්බිඳුණුවැව, වවුනියාව, බලංගොඩ හා වේයන්ගොඩ යන ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක් වනවා.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ කැණීම් උපකරණද සමගයි.
සැකකරුවන් කිලිනොච්චිය පොලීසිය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබනවා.