නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස්දෙනෙක් පත් කරයි

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස්දෙනෙක් පත් කරයි

නව තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා.

ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව කටාර්  රාජ්‍ය යේ තානාපති ලෙස පත් කර ඇත්තේ, ආර්.එස්.ඛාන් අසාඩ් මහතායි.

රුසියානු තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මිය පත් කර ඇති බව සඳහන්.

එල්.පී. රත්නායක  මහතා පත් කර ඇත්තේ, කුවේට් තානාපති ලෙසින්. ඊජිප්තු තානාපති ලෙස ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න මහතා පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This