එක්සත් ජනපදයට බලපෑ හිම කුණාටු තත්ත්වයෙන් ජීවිත පහක් අහිමි වෙයි

එක්සත් ජනපදයට බලපෑ හිම කුණාටු තත්ත්වයෙන් ජීවිත පහක් අහිමි වෙයි

එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හමුවේ ජීවිත පහක් අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පවතින අයහපත් කාලගුණ‍ය හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර ගමනාගමන ගැටළු, විදුලිය විසන්ධි වීම් රැසක් ද වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම මේරිලන්ඩ්, වර්ජිනියා, බටහිර වර්ජිනියා, කැන්සාස්, මිසූරි, කෙන්ටකි සහ ආර්කන්සාස් යන ප්‍රාන්ත හත තුළ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් වාර්තා වනවා.

මීට අමතරව ගුවන් ගමන් 2,300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 9,000 කට ආසන්න ප්‍රමාදයන් ද වාර්තා වී ඇති බව සඳහන්.

එරට ජාතික කාලගුණ සේවයට අනුව එක්සත් ජනපදයේ ඊසානදිග බොහෝ ප්‍රදේශවලට උද්ගතව ඇති හිම පතනය තවදුරටත් පවතිනු ඇති.

Share This