ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

2024 ටෙස්ට් ලෝක ශුරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29) සමත් වුණා.

ඒ, පාකිස්ථානය සමඟ පැවැති තරගය කඩුලු දෙකකින් ජයගැනීමත් සමඟයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 211ක්.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 301ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 90ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථානය සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 237ක් පමණයි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 148ක ඉලක්කයක් හිමි වුණා.

එම  ඉලක්කය දකුණු අප්‍රිකාව කඩුලු 08ක් පමණක් දැවි පසුකළා.

Share This