නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
ලැබුවා වූ 2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා අද (07) පෙ.ව 10.30 දක්වා කාලය හිමිවනු ඇති.
අනතුරුව 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතයි.
හෙට (08) උදෑසන පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
පසුව ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි ඇතුළු කරුණු රැසක් විවාදයට ගැනීමට නියමිතයි.
ලබන 09 වැනිදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ජනවාරි 10 වැනි සිකුරාදා දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා වෙන්කර ඇති බව සඳහන්.