පළමු කුඹල් පෙරහැර අද

පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි.

පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති අතර එහි 5 වැනි පෙරහැර එනම් අවසන් අභ්‍යන්තර පෙරහැර ඊයේ (29) රාත්‍රී විථී සංචාරය කළේය.

අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (30) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

Share This