ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදාහරියි

මෙරටට ආනයනය කළ පළමු පොල් කිරි තොගය හෙට (31) දිනයේ නිෂ්කාශන කටයුතු සහ රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළේ, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී අදාළ කටයුතු සිදු කරන බවයි.
පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
ඒ අනුව ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි ආනයනය කර ඇත.