ජර්මනියේ අලුත් අවුරුදු සැමරුම් උත්සවවලට ගිනිකෙළි බාධා

ජර්මනියේ අලුත් අවුරුදු සැමරුම් උත්සවවලට ගිනිකෙළි බාධා

ජර්මනියේ අලුත් අවුරුදු සැමරුම් උත්සවවලට ගිනිකෙළි සම්බන්ධ සිදුවීම් රැසක් බාධා ඇති කර තිබෙනවා.

ගිනිකෙලි අනතුරු නිසා පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර හදිසි සේවකයින් විශාල සංඛ්‍යාවක්ද තුවාල ලබා ඇති බව සඳහන්.
මේ නිසාම ගිනිකෙළි පෞද්ගලික භාවිතය සඳහා රට පුරා තහනම් කරන ලෙස යම් පාර්ශ්ව ඉල්ලා සිටින බවත් වාර්තා වනවා.

නමුත් ගිනිකෙලි, රටේ අලුත් අවුරුදු සැමරුම්වල සැලකිය යුතු කොටසක් ලෙස පවතින බැවින් එලෙස තහනමක් ක්‍රියාත්මක කිරීම අසීරු කටයුත්තක් බවට පත්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

පසුගිය අඟහරුවාදා සිට බදාදා දක්වා රාත්‍රියේ උත්සව අතරතුර ගිනිකෙළි මගින් ගිනි නිවන භටයින් සහ අනෙකුත් හදිසි සේවා නිලධාරීන් විශාල සංඛ්‍යාවක්ද තුවාල ලබා තිබෙනවා.

ජර්මනියේ බර්ලින් අගනුවර, අලුත් අවුරුදු උදාවේදී ගිනි නිවන භටයින් විසින් ගිනිකෙළි සම්බන්ධ සිදුවීම් 1,892 කට ප්‍රතිචාර දක්වා ඇති බවත්, හදිසි සේවා සේවකයින් 1,500 කට වැඩි පිරිසක් රාජකාරියේ යෙදී සිටි බවත් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසනවා.

Share This