ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ගින්නක්

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වායු සමීකරණ අලුත්වැඩියා කරනු ලබන ආයතනයක ගෑස් කාන්දු වීමකින් ගින්නක් හටගෙන තිබේ.
කොළඹ මහා නගර සභාවේ ගිනි නිවන රථ 03 යොදාගෙන ගින්න මැඩ පවත්වා ඇත.
ඇති වූ ගින්නෙන් එම ආයතනය සම්පූර්ණ විනාශ වී ඇති අතර ජීවිත හානි හා තුවාල කිසිවක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චන්දන ලක්මාල්