ලොව වඩාත්ම සතුටින් සිටින ජාතිය ලෙස පින්ලන්තය යළිත් ඉදිරියෙන්

ලොව වඩාත්ම සතුටින් සිටින ජාතිය ලෙස රටවල් ශ්‍රේණිගත කරන විට ෆින්ලන්තය නැවතත් පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.
ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය ද මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානවලට පැමිණ ඇත.
ඇෆ්ගනිස්ථාන කාන්තාවන් කිහිප දෙනෙකු තම ජීවිත වඩ වඩාත් දුෂ්කර වී ඇති බව පැවසීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය පහළම ස්ථානයට පත්ව ඇත.
මෙම අධ්‍යයනයේදී සතුට පිළිබඳව මැනීම සඳහා පැහැදිලි කිරීමේ සාධක 6 ක් ගැන සලකා බලයි. එනම් සමාජ සහයෝගය, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සෞඛ්‍ය ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය පිළිබඳ සංජානනය යන්නයි.
කොස්ටාරිකාව සහ මෙක්සිකෝව පළමු වරට ඉහළම රටවල් 10 අතරට ඇතුළු වී ඇත.
ඉන්දියාවේ ඉහළ ජනගහනය, ප්‍රජා කේන්ද්‍රීය සංස්කෘතිය සහ එකට ජීවත් වන විශාල පවුල් ඇති කිරීමේ පිළිවෙත් හේතුවෙන් සමාජ සහයෝගය අනුව ඉන්දියාව ඉහළ ශ්‍රේණිගත කිරීමකට ලක්කර ඇත.
කෙසේ වෙතත් තම සමාජය තුළ තමන්ට තේරීමක් ඇති බව මිනිසුන්ට වැටහෙනවාද සහ පවතින තේරීම් සතුටුදායක ජීවිතයකට මඟ පාදන්නේද යන්න සොයා බලන නිදහස් සාධකය අනුව රට අඩුම ලකුණු ලබා ගෙන ඇත.
ඉන්දියාවේ අසල්වැසි රටවල් අතරින් ශ්‍රී ලංකාව 133 වන ස්ථානය, බංග්ලාදේශය 134 වන ස්ථානය, පකිස්ථානය 109 වන ස්ථානය, නේපාලය 92 වන ස්ථානය සහ චීනය 68 වන ස්ථානය ලබා ඇත.
සඳුනි තිලකරත්න