ප්‍රහාරක ජෙට් යානයකට වැරදීමකින් වෙඩි

ප්‍රහාරක ජෙට් යානයකට වැරදීමකින් වෙඩි

රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයකට වැරදීමකින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, එක්සත් ජනපද නාවික හමුදාවේ නියමුවන් දෙදෙනෙකු ආරක්ෂිතව යානයෙන් පිටතට ගොස් ඇති බවයි.
මෙම අනතුරින් පසු ගුවන් නියමුවන් සුවය ලබා ඇති අතර කාර්ය මණ්ඩලයේ එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවත් එක්සත් ජනපද මධ්‍යම විධානය පවසනවා.
රතු මුහුදේ නාවික අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Share This