මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය නිදහස් කරයි

මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේද වැටුප් වැඩි විය යුතු බවට සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
“උද්ධමනයකට මුහුණ දීමෙන් පසු මුදලේ අගය පහළ බැස තිබුණා. දැනෙන වැටුප් වැඩිවීමක් කරන්න අපට අවශ්‍ය වුණා. අපට තිස් දහසක් ලෙස වැටුප් වැඩි කරන්න අවශ්‍යවී තිබුණා.ඒ ගණන අදියර දෙකකින් වැඩි කරන්නට සේවා යෝජකයන් එකඟ වුණා.
සේවකයන්ගේ මූලික වැටුප ඉහළට ඔසවනවාට වඩා යම් යම් දීමනා ලබා දීම මීට පෙර කර තිබුණා. නිෂ්පාදන සහ ආයෝජන වැඩිකර වැටුප් මට්ටම් තවදුරටත් ඉහල නැංවීමට අප අදහස් කර සිටිනවා. ආයෝජන වැඩි කිරීම සඳහා වන ආණ්ඩුවේ වැඩ පිළිවෙල වේගෙන් සිදුවෙමින් තිබෙනවා. මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙනවා.”