2034 FIFA ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස සෞදි අරාබිය නිල වශයෙන් නම් කරයි
සෞදි අරාබිය, 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස ලෝක පාපන්දු ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම නිවේදනයත් සමඟ මානව හිමිකම් කණ්ඩායම් අනතුරු අඟවා ඇත්තේ, ඒ සඳහා සිතාගත නොහැකි මිනිස් පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවයි.
එමෙන්ම 2030 ලෝක කුසලානයේ සම සත්කාරකයන් ලෙස නම් කර ඇත්තේ මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යි.
විදෙස් වාර්තාවන්ට අනුව 2030 සහ 2034 ලෝක කුසලාන සඳහා තිබී ඇත්තේ එක් එක් ලංසුව බැඟිනි.
මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ ඒකාබද්ධ යෝජනාවට අනුව 2030 වසරේ මහාද්වීප තුනක් සහ රටවල් හයක් හරහා තරඟාවලියේ ශත සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ උත්සව පවත්වනු ඇති.
2022 වසරේ දී කටාර් රාජ්‍යය විසින් සත්කාරකත්වය දැරීමෙන් පසු සෞදි අරාබිය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන දෙවන මැද පෙරදිග රට වීමත් විශේෂයි.
2034 සංස්කරණය වඩාත් විශේෂ වන්නේ තනි සත්කාරක රටක පළමු වරට කණ්ඩායම් 48ක තරගාවලියක් පවත්වනු ලැබීමට නියමිත නිසාවෙනි.
ඒ අනුව සෞදි අරාබියේ සත්කාරක නගර පහක ක්‍රීඩාංගණ 15 ක් පුරා තරග පැවැත්වෙනු ඇති. ඒ රියාද්, ජෙඩා, අල් කොබාර්, අබා සහ නියෝම් මූලික කරගනිමින්.
රියාද් හි කිං සල්මාන් ක්‍රීඩාංගණය, ප්‍රේක්ෂකයින් 92,000 ක ධාරිතාවයකින් යුක්ත වන අතර එය ඉදිකරන ලද පසු ආරම්භක සහ අවසන් තරග සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.