යේමන ගුවන් තොටුපළේ ඊශ්‍රායල ප්‍රහාර අතරතුර එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රධානියාත්

යේමන ගුවන් තොටුපළේ ඊශ්‍රායල ප්‍රහාර අතරතුර එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රධානියාත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටින අවස්ථාවේ ඊට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පැවසුවේ ප්‍රහාර ආරම්භ වන විට ඔවුන් ගුවන් යානයකට නැගීමට සූදානම්ව සිටි බවයි.

හවුතීන් පාලනය කරන සාබා ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ඒශ්‍රායල ප්‍රහාරවලින් ගුවන් තොටුපළේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

නමුත් හමුදා ඉලක්ක වෙත බුද්ධි අංශ පදනම් කරගත් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල රැඳවියන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සහ රටේ සෞඛ්‍ය සහ මානුෂීය තත්ත්වය තක්සේරු කිරීමට තමන් යේමනයේ සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වූ බවයි X හි සටහනක් තබමින් අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පවසන්නේ
සානා ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැක තිබෙනවා.

Share This