පෙබරවාරි මාසයේ උද්ධමනය ප්‍රකාශයට

පෙබරවාරි මාසයේ උද්ධමනය ප්‍රකාශයට

පෙබරවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බව සඳහන්.

එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වුණා. පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසින්.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙසයි දැක්වෙන්නේ.

Share This