දරුවාට අධි මාත්‍රා ඖෂධ දුන් පියා අත්අඩංගුවට

දරුවාට අධි මාත්‍රා ඖෂධ දුන් පියා අත්අඩංගුවට

හමුදාවෙන් පලා ගිය සෙබළෙකු තම අනියම් බිරිඳගේ අවුරුද්දයි මාස තුනක වයස ඇති දරුවාට අධි මාත්‍රාවක් සහිත ඖෂධයක් ලබා දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි.

දරුවාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම 22 හැවිරිදි මෙම සැකකරු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රිදීගම ප්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට පැමිණ මෙම ඖෂධය ලබා දී ඇති අතර එහිදී ඇති වූ ආසාත්මික වතාවක් හේතුවෙන් දරුවා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This