ඩෑන් ප්‍රියදාස්ට වෙඩි තැබීමේ සිද්ධියට විදෙස් ගමන් තහනමක් ලැබුණ පිය පුතු දෙදෙනා

ඩෑන් ප්‍රියදාස්ට වෙඩි තැබීමේ සිද්ධියට විදෙස් ගමන් තහනමක් ලැබුණ පිය පුතු දෙදෙනා

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියදාස්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්වී ඇතැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (23) මේ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඩෑන් ප්‍රියදාස් වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත බව පොලිස් නිලධාරීහු අධිකරණයට‌ කරුණු වාර්තා කළහ.

වෙඩි තැබූ පාර්ශ්වය හා මරණකරුගේ පාර්ශ්වය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන වී තිබේ.

ඒ නිස සැකකරුවන් දෙදෙනා රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ඩෑන් ප්‍රියදාස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට පොලිසිය විසින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Share This