පොලිස් නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම ගැන පැහැදිලි කිරීමක්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ සඳහා වනවිට සැලැසුම් සකස් කර ඇති බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.
කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නොමැති බව ද ඔහු කියාසිටියා.
වසර කිහිපයකට පසුව මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බව ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නා.
ඒ අනුව රුපියල් 29,540ක් වන පොලිස් කොස්තාපල්වරයෙක්ගේ මූලික වැටුප මේ වසරේ රුපියල් 44,293 දක්වා ඉහළ යනු ඇති.
එය රුපියල් 6,182ක වැඩිවීමක් බවයි, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ.
“පොලිස් සාජන්වරයෙකුට රුපියල් 6,441.54, SI කෙනෙකුට, 6551.72ක්, IP කෙනෙකුට 7040.24, CI කෙනෙකුට 7655.74ක්, ASP කෙනෙකුට 8244.11, SP, SSP කෙනෙකුට 9,925ක්, DIG සීනියර් DIG, 11,118, IGP 13,223ක් මේ අවුරුද්දේ වැඩි වෙනවා.
ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙකුගේ දැනට තියෙන මූලික වැටුප 29,540 වැටුප මේ අවුරුද්දේදී 44,293ක් වෙනවා 2026දී 46,921 වෙනවා 2027දී 49,550ක් වෙනවා අද මූලික වැටුප 29,540ක් තියෙන කොට 2027 වසරේදි 49,550ක් වෙනවා. ඒ වගේම මේකට අදාළව අනෙකුත් දීමනාත් වැඩි වෙනවා.”