අසාධුගත සමාගමකට ඖෂධ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්
මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් අසාදු ලේඛන ගත සමාමකටම ප්රදානය කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාව මේ බව සඳහන් කළේ, අදාළ තොරතුරු නිවැරදි කරමින්.
මෙම ඇණවමු වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද ඇණුවමක් සඳහා සම්පාදන කටයුතු සිදු වෙමින් තිබූ අයිතමයක් බව සඳහන්.
මෙම ටෙන්ඩරය ප්රදානය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය සහිත අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු වෙතයි.
එමෙන්ම මෙම ටෙන්ඩරය සඳහා සහභාගී වූ ලංසුකරු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවෙක් වනවා.
රාජ්‍ය ඖෂධ සංස්තාව වෙත ගෙවීම් පැහැර හැරීම මත අධ්යක්ෂ මණ්ඩලය විසින් 2024.10.29 වන දින ‘ගනුදෙනු පැහැර හරින ලද’ සැපයුම්කරුවකු ලෙස තීරණය කළ බවයි, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.
ප්‍රසම්පාදන කමිටුව විසින් එම සැපයුම්කරුවන් වෙත ටෙන්ඩරය ප්රදානය කිරීමට තීරණය කර තිබුණ ද නැවත කරන ලද පසු විපරම් ක්‍රියාවලියේදී මෙම සැපයුම්කරු අධ්යක්ෂ මණ්ඩලය විසින් ගෙවීන් පැහැර හරින ලද සැපයුම්කරුවකු වන හඳුනාගෙන එම ටෙන්ඩර් මණ්ඩලය විසින් එය අවලංගු කර තිබෙනවා.
එමෙන්ම මෙම ටෙන්ඩරය නැවතත් ඉදිරිපත්ව තිබූ සෙසු ලංසුකරුවන් අතරින් සුදුසු අයෙක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබූ බව සඳහන්.
මාධ්‍ය මගීන් මෙම ටෙන්ඩරය සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් වන විටත් ඉහත ක්‍රියාවලිය අවසන් කර තිබූ බවයි, රාජ්‍ය ඖෂධ නීතිගත නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.
එමෙන්ම මෙවැනි තොරතුරු මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තම සංස්ථාව අප්‍රසාදය පළ කර සිටින අතර ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි, වෛද්‍ය මනුජ් ක්‍රිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.