විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අද (16) සිට කෙටි පණිවුඩයක් ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3.00 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බව වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියි.
පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ඔවුන්ට සිට ස්තූතිය පුද කරන බව ඒ මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් පසුගිය දිනවල විදුලය ඉල්ලුම දැඩි ලෙස පහත ගොස් ඇත.
ඒ හේතුවෙන් අප්‍රේල් මස 11 වැනිදා රාත්‍රී 09.57ට 300MW ගල් අඟුරු බලාගාරයක් සම්පූර්ණයෙන් නවතා දැමිණි.
අනතුරුව අප්‍රේල් මස 12 වන සෙනසුරාදා පෙරවරු 9.16 වනවිට පෙට්‍රොලියම් නැෆ්තා ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස සංයුක්ත චක්‍රය බලාගාරය සම්පූර්ණයෙන්ම නතර කර ඇත.
ඒ සූර්ය බලශක්ති ජනනයට අවස්ථාව සැලසීම සඳහාය. එදිනට සිට අද (16) දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.