වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් කිරීමෙන්, විදේශිකයින් අතර චීනයේ ජනප්‍රියත්වය ඉහළට
චීනය සංක්‍රමණ වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් ලෙස ලිහිල් කිරීම ප්‍රකාශයට පත් කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian පවසනවා.
දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එය නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
චීනය හරහා වෙනත් රටකට ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍ර හිමි විදේශිකයින්ට මීට පෙර වීසා රහිතව චීනය තුළ රැඳී සිටිය හැකිව තිබූ පැය 72ක සහ පැය 144ක කාලය නව ප්රතිපත්තියත් සමග පැය 240ක් දක්වා එනම් දින 10ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
ඒ සමගම වීසා රහිත පහසුකම් සහිත විදේශිකයින්ට චීනයට පැමිණීමට සහ චීනයෙන් පිටවීම සඳහා පැවති ප්‍රවේශ ස්ථාන සංඛ්‍යාවද 21 සිට 60ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට රැඳී සිටිය හැකි ස්ථාන සංඛ්‍යාව ද 19 සිට 24ක් දක්වා පුළුල් කර ඇති බව සඳහන්.
එමෙන්ම සංක්‍රමණ වීසා රහිත විදේශිකයන්ට පළාත් හරහා ගමන් කිරීමට ද අවසර ලබා දෙන බව Lin Jian පැවසුවා.
මේ වසරේ විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් චීනයට පැමිණ ඇති බව නවතම දත්ත අනාවරණ කර ඇති අතර, චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, තම රට විදේශීය සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවයි.
මේ අතර පසුගියදා (17) චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පුළුල් කොට ප්රශස්ත කිරීම නිකුත් කිරීමෙන් පසු “වීසා රහිතව චීනයේ රැඳී සිටීම” යන සෙවුම් ජනප්‍රියත්වය එසැනින් උච්චස්ථානයකට ළඟා වීමද කැපී පෙනෙන්නක් වී තිබෙනවා.
විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම, චීනයේ සංචාරක ව්‍යාපාරයට අදාළ කර්මාන්ත සඳහා වැඩි වශයෙන් වාණිජ අවස්ථා විවර වනු ඇති බවත් එයින් චීන ආර්ථික සංවර්ධනයට නව ජවයක් සැපයීම ද සිදු වන්නක්.
වර්තමානයේ, භූ දේශපාලනික තත්ත්වය වඩාත් සංකීර්ණ වෙමින් පවතින අතර වෙළඳ ආරක්ෂණවාදය ගෝලීය සංවර්ධනයට බාධා කර ඇති පසුබිමක ලෝකයේ විවෘත පරිසරය එතරම් පුළුල් නොවන්නක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එම තත්ත්වය හා සසඳන විට, 2023 දී චීනයේ විවෘත භාවයේ දර්ශකය 2008 ක් වූ අතර එය 11.89% කින් මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එම වර්ධන අනුපාතය ලෝකයේ ඉහළම අගයන් අතරට පත්වන බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.