හිටපු බිරිඳව පිට පිරිමින් 50 ක් ලවා දූෂණය කළ හිටපු සැමියා වසර 20 ක් සිරගෙට

හිටපු බිරිඳව පිට පිරිමින් 50 ක් ලවා දූෂණය කළ හිටපු සැමියා වසර 20 ක් සිරගෙට

තම හිටපු බිරිඳ ගිසෙල්ට මත්ද්‍රව්‍ය ලබා දී වසර ගණනාවක් පුරා ඇයව දූෂණය කිරීම සඳහා ආගන්තුකයන් ගෙනවා ගෙන එම ක්‍රියාව වීඩියෝගත කර නිල් චිත්‍රපට වෙබ් අඩවියකට මුදා හැරි සැමියෙක්ට ප්‍රංශ අධිකරණයක් වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

72 හැවිරිදි ඩොමිනික් පෙලිකොට්, නඩු තීන්දුව ලබා දෙන විට කිසිදු හැඟීමක් නොපෙන්වූ බවයි බීබීසී අධිකරණ වාර්තාකරු පවසා ඇත්තේ.

ඔහු සමඟ තවත් පිරිමින් පනහකට එම කාන්තාව විවිධ ආකාරයට දූෂණය කළ බවට චෝදනා ගොනු කරමින් වසර 10, 15 බැගින් සිර දඬුවම් ලබා දී ඇති බව සඳහන්.

සැමියා දැනුවත්ව බිරිඳ සමග ලිංගිකව එක්වූ නිසා මෙය දූෂණයක් නොවන බවට මින් ඇතමෙක් උසාවියේදී ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ඔවුන් සියලුදෙනා තමන් කරන්නේ වරදක් බව දැනුවත්වම තම බිරිඳ දූෂණය කිරීමට එක් වූ බවයි සැමියා සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ.

ලොවම මවිතයට පත් කළ මෙම නඩුවේදී විත්තිකාරිය වූ ගිසෙල් ඇගේ නිර්නාමිකභාවයේ අයිතිය අත්හැරියේ, වින්දිතයාගේ සිට දූෂකයා දක්වා “ලැජ්ජාවට පැත්තක්” ඇති කිරීමට අවශ්‍ය බව පවසමින්.
1972 වසරේදී Gisèle Pelicot ව විවාහ කර ගත් Dominique Pelicot 2011 සිට 2020 දක්වා කාලය තුළ විවිධ පුද්ගලයින් ලවා තම බිරිඳව දූෂණයට ලක් කර තිබෙනවා. ඔවුන් අතර, ලොරි රියදුරන්, සොල්දාදුවන්, ගිනි නිවන භටයින්, ආරක්ෂක නිලධාරීන්, සුපිරි වෙළඳසැල් සේවකයෙක්, මාධ්‍යවේදියෙකු සහ රැකියා විරහිත පුද්ගලයින් ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

Share This