භේදයන් නොමැතිව සෑම කෙනෙකුටම ගෞරවය ලබා දිය යුතුයි

භේදයන් නොමැතිව සෑම කෙනෙකුටම ගෞරවය ලබා දිය යුතුයි

නවීන ලෝකය තුළ මිනිස් උත්රීතර තත්ත්වයන් නොසලකා හරින ධනය, බලය, සමාජ තරාතිරම ආදි මිනිස් ආත්මාර්ථකාමි මිනිස් මිනුම් දඬු තුළ මනුෂ්‍ය වර්ගයා මනින වෙන් කරණ අදූරදර්ශි පිළිවෙතක් බිහිවී ඇති බව අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, නත්තල වෙනුවෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ පැවැති නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින්.

“වර්තමාන ලෝකයේ අද අප ජීවත්වන සමාජය තුළ බාහිර වශයෙන් නත්තල් දින සතුටු වුවත් අපේ ජීවිත තුළ ඉලක්කයක් නැති අර්ථයක් නැති අනුන්ට දුක ගෙන දෙන නිදහසක් නැති මායාවලට හිරවු අය ලෙස අපගේ ජීවිත ගෙවී යනවා. මෙවැනි සමාජයක් තුළ දෙවියන් වහන්සේටත් ඉඩක් නැහැ.

අද බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ භෞතික පැවත්ම සදාකාලයටම පවත්වා ගෙන යා හැකියි කියලා. නමුත් එය එසේ නොවන බව වැඩිකල් යන්න ප්‍රථම අපට වැටහෙන්න පටන් ගන්නවා. එය තමයි ඇත්ත.

හන්දිපත් රුදා, හිස රුදාව, හැදෙන කොට විවිධ අසනීප තත්ත්වයන් අප සොයා එනකොට අපට වැටහෙනවා අප සදාතාලිකව මෙහෙ ඉන්න ඇවිල්ලා නොමැති බව, ජීවිතයේ භෞතික සැප සඳහා ජීවත්වන බොහෝ දෙනෙකු අත්විඳින්නේ අර්ථ ශුන්‍ය ජීවිතයක්.

අප සැමවිටම සෑම මනුෂයකුග්ම වටිනාකම වටහා ගත යුතු වනවා. මෙහිදී ඔවුන්ගේ සමාජ තරතිරමට ඔවුන් උපයන ධනය මෙන්ම ඔවුන් සමාජයේ කොතරම් උසස් තැනක ඉන්නවාදැයි කියන එක වැදගත් වන්නේ නැහැ.

බලය, තරාතරම, ශක්තිය තුළ නෙවෙයි මනුෂයකුගේ වටිනාකම රැදි පවතින්නේ. දෙවියන් වහන්සේ අපට ආදරය කරණ තරමට අපි අපේ අසල්වැසි සහෝදරයින්ට ආරය කළ යුතුයි. ඔවුන් සමග අපගේ ජීවිතය බෙදාගත යුතුයි. වස්තු සම්පත් අප ලැබ තියෙන්නේ ටික කාලයකටයි. අප මෙලොවින් නික්ම යනවිට ඒ සැප සම්පත් කිසිවක් අපට ගෙන යන්න බැරී බව අප කවුරුත් අවබෝධ කරගත යුතු වනවා.

සමාජ විෂමතාවයන්ට ලක්වුවන්ට මිනිස් ආත්මාර්තකාමිත්වය තුළ තුවාල කරනු ලැබු අසරණයන්ට සරණය විය යුතුයි. විශේෂයෙන් දිලිදු අසරණ වුවන් සමාජය තුළ කොන්වුවන් වෙත අපගේ කරුණාව, උදව් උපකාරය පමණක් නොව ඔවුන්ට ගෞවරවයක්ද සැමවිට ලබා දිය යුතු වනවා.

මේවා ක්‍රිස්තියානු ජීවිතයේ ඉතා වැදගත් නියමයන් වනවා. විවිධ අවස්තාවලදී අපේ ජීවිත පොහොසත් වනවා. එහෙත් අප පොහොසත් විය යුත්තේ ශාරීරකව පමණක්  නොවෙයි. අධ්‍යාත්මක වශයෙනුත් අප පොහොසත් විය යුතුයි.ශ්‍රී ලංකාවේ අපේ සමාජය තුළ ජාති, ආගම් බේදයෙන් තොරව සෑම කෙනෙකුටම ගෞවරවය ලබා දිය යුතුය. සෑම කෙනෙකුගේ අදහස්වලට ගරුත්වයක් ලබා දෙන්න ඕනෑ.

ඔවුන්ගේ පැවත්මට උත්තරීතර තත්ත්වයට සැලකිය විය යුතු වනවා.ඒකයි දයාව හා ප්‍රේමය කියන්නේ. ප්‍රේමය ඇති තැන දෙවියන් වහන්සේ වැඩ සිටිනවා.”

Share This