EPF රීති කඩා ලංවිම කෝටි 668ක් වැය කරලා

-ශිරාන් රණසිංහ-
අර්ථ සාධක අරමුදලේ රීතිවලට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි හයසිය හැට අටක මුදලක් අධ්‍යාපන සහ නිවාස ණය සඳහා ලබාදීම සම්බන්ධයෙන් වහාම සුදුසු පියවරක් ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පෙන්වා දී තිබේ.
විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය, කම්කරු කොමසාරිස් සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියෙන් තොරව මෙම ණය ලබා දී ඇතැයි ද හෙළි වී ඇත. 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදනයකින් ප්‍රකශයට පත් නොකර මෙම ණය ලබා දී ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වී ඇති මෙම තොරතුරු මත මේ සම්බන්ධව වහාම සොයා බලා සුදුසු පියවරක් ගත යුතු බව ද එම කමිටුව පෙන්වා දී තිබේ.