ඉංග්‍රීසි අමෙරිකාවේ නිල භාෂාව වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම මෙහි අරමුණ වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එරට තුළ ප්‍රාන්ත තිහකට වැඩි ගණනක ඉංග්‍රීසි නිල භාෂාව ලෙස පිළිගැනෙන බව සඳහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව නියෝගය අනුව වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමි වනවා.
නව නීතිය මගින් අහෝසි කෙරුණේ 2000 වසරේදී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගයි.