එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

‘ඇමෙරිකන් පාටි’ (The American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බව එලෝන් මස්ක් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මස්ක් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘The Beautiful Bill’ ලෙස හැඳින්වෙන නව බදු සහ වියදම් පනත් කෙටුම්පතට එරෙහිව ඔහු විසින් දැක්වූ දැඩි විරෝධතාවය මත පදනම්වය.

“මෙම වියදම් පනත සම්මත වුණොත් ඇමෙරිකන් පාටි හෙටම පිහිටුවනවා” යැයි මස්ක් තම X සමාජ මාධ්‍ය වේදිකාව මත සටහනක් තැබීය.

මස්ක් පවසන්නේ ඇමෙරිකාවේ දේශපාලන පද්ධතිය ජනතාවගේ සැබෑ ගැටළු පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවයි. ඔහුගේ නව පක්ෂය එම සියළු ගැටලුවලට විසඳුම් ලබාදීමට සූදානම් බවත්, එය ජනතාව නියෝජනය කිරීමට උත්සහ කරන බවයි.

මස්ක් සහ ජනාධිපති ට්‍රම්ප් අතර තිබූ සමීප සබඳතාවය මේවන විට බිඳ වැටී අවසන්ය. 2024 මැතිවරණය සඳහා මස්ක් විසින් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 300 කට ආසන්න පරිත්‍යාගයක් ලබාදී තිබුණද දැන් ඔහු එය විවේචනය කරන්නේ ‘ජාතික ණය විනාශයට පත් කරන පනතක්’ ලෙසයි.

මෙම ගැටුමෙන් පසු ටෙස්ලා කොටස් වටිනාකමෙන් ඩොලර් බිලියන 150කට ආසන්න අගයක් තාවකාලිකව අහිමි වී ඇති අතර, 2026 මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය තුළද ආන්දෝලනයක් ඇතිවී ඇත.

සඳුනි තිලකරත්න

Share This