ඇල්ල සංචාරක කලාපය පිරිසිදු කරයි
ඇල්ල සංචාරක කලාපයේ විවිධ ස්ථානවල එක් රැස්ව ඇති කැලි කසල ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කර තිබුණා.
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය මගින් සංවිධානය කර තිබු එම වැඩසටහන ක්‍රියාත්මක වූයේ බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතාගේ මෙහෙයවීම යටතේයි.
එම වැඩසටහන සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සහයෝගයද හිමිව තිබුණා.
එහිදි ඇල්ල වැල්ලවාය මාර්ගය දෙපස, ඇල්ල නගරය හා අවට දුම්රිය ස්ථානය, ආරුක්කු නවය පාලම ආදි ප්‍රදේශවල අවිධිමත් ලෙස බැහැර කර තිබු කැලි කසල ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය එකතු කර ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.
ඇල්ල, ජනතාකර්ෂණය වැඩි සංචාරක කලාපයක් වන අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ පිරි ඉතිරි යන අවස්ථා බොහෝයි.
ඡායාරූප👇🏻