මැතිවරණ පැමිණිලි දහස ඉක්මවයි

ඊයේ (10) පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 73ක් වාර්තාවී ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම වෙනත් පැමිණිලි 02ක් ද ලැබී ඇති බව සඳහන්ය.
ඒ අනුව මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණි සංඛ්‍යාව 1121කි.
ඉන් පැමිණිලි 996ක් විසඳා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
තවත් 125ක් සම්බන්ධයෙන් ක්‍රියාකරමින් සිටින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.