මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීමට සූදානම් වෙයි

මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීමට සූදානම් වෙයි

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ රාජකාරි සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහයි.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලබන සෙනසුරාදා කැඳවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව සඳහන්.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

Share This