රජයේ ආහාර පැකේජයට මැතිවරණ කොමිෂන් සභාවෙන් වැටක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ලක් නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
මෙම සහන මල්ල පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර අප්‍රේල් 01 සිට 13වෙනිදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසල් හරහා බෙදා හැරීමට සැලසුම් කර තිබුණි.
රුපියල් 5,000 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500 ක සහන මිලකට ලබාදීමට තීරණය වී තිබුණි.
ඒ අනුව එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බව එම කොමිසන් සභාව විසින් ලිඛිතව දන්නවා ඇත.
චන්දන ලක්මාල්