යාලේ, ගංජා හේන් අටක් වටලයි
යාල වනෝද්‍යානයේ කලාප අංක 06 ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී ගංජා හේන් අටක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීම්වල දීයි.
එම නිළධාරීන් කණ්ඩායම පසුගිය 19 වැනිදා සිට 22 දක්වා දින හතරක් තුළ සිදුකළ වැටලීම්වලදී මෙම ගංජා හේන් වටලා තිබෙනවා.
ගංජා හේන් දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු ගංජා හේන් හයේ සැකකරුවන් පළාගොස් ඇති බව සඳහන්.
අක්කර 14ක පමණ භූමියක මෙම ගංජා වගාවන් වගාකර තිබු බවයි වාර්තා වන්නේ.
විවිධ උසින් යුත් ගංජා පැළ ලක්ෂ දහයක් පමණ ඒවායෙහි තිබී ඇති අතර විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් එම ගංජා පැළ කපා කොටා පුළුස්සා විනාශ කර තිබෙනවා.
ගංජා පැළවලින් කොටසක් සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෝනගංආර පොලීසියට භාරදී ඇති බව සඳහන්.
අදාළ සැකකරුවන් දෙදෙනා 42 සහ 52 යන වයස්වල පසුවන වලස්මුල්ල සහ මහඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.