සමාජ මාධ්‍යයෙන් බිත්තර මිල කියන්න යයි

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ තීරණය කර ඇත්තේ බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යය ඔස්සේ පාරිභෝගිකයන්ව දැනුවත් කරනබව එම සංගමයේ සභාපති සරත් රත්නායක කියයි.
ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බිත්තර මිල 28ත් 32ත් අතර මිලකට අලෙවි වන බැවින් පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිලකට අලෙවි වූ බවයි එම සභාපතිවරයා කියා සිටියේ.
හතරමැදියම් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත්ත අතර බොහෝ පාර්ශ්ව චෝදනා කරන්නේ බිත්තර මිල ඉහළ යෑම වූයේ අතරමැදි වෙළඳුන්ගේ ක්‍රියාකාරීත්වය බව නිසාය.
බිත්තර මිල යළි ඉහළ නොදැමීමට පියවරක් වශයෙන් දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි එම සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
චන්දන ලක්මාල්