E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් වංචා කර ඇති මෙම සැකකරු කුරුණෑගලදී අත්අඩංගුවට ගත් බවයි, එම කාර්යංශය නිවේදනය කළේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති අතර, ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටි පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වුණා.
මොහු E-7 හා E-8 යන කාණ්ඩවල රැකියා ලබාදෙන බව පවසමින් මෙලෙස මුදල් ලබාගෙන එම රැකියා ලබා නොදී, ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිට ඇති බව සඳහන්.
සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ හෙයින් ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී සැකකරු මාර්තු මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර මීට අමතරව සැකකරුට එරෙහිව ඇති තවත් පැමිණිලි තුනකට අදාළව නඩු 3ක්ද කාර්යාංශය විසින් ගොනුකිරිමට නියමිතයි.