දුමින්ද දිසානායක යළිත් බන්ධනාගාරයට

දුමින්ද දිසානායක යළිත් බන්ධනාගාරයට

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසීන් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාව විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයකදී රන් අලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගැණිනි.

ඊට පසුදින ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සඳහන්.

කෙසේ වෙතත් ඒ මහතාට ඇති වූ බව කියූ අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසට අධිකරණය නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

Share This