රත්තරං තුවක්කු නඩුවෙන් දුමින්ද දිසානායක නිදහස්

රත්තරං තුවක්කු නඩුවෙන් දුමින්ද දිසානායක නිදහස්

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුවේ අදාළව 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට නියමිතය.

Share This