බේරේ වැවේ තාරවුන් හදිසියේම මිය ගිහින්
කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මියගොස් තිබෙනවා.
බේරේ වැවේ ජලය පවිත්‍ර කිරීමට භාවිත කළ යම් රසායනික ද්‍රව්‍යක් මීට බලපා ඇති බවටයි සැක පළ කරන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසනවා.
අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි.
නාරා ආයතනය පවසන්නේ, දැනට වාර්තා වූ දත්ත අනුව බේරේ වැවේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම පහළ අගයක් පවතින බවයි.
මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවත්, එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට තහවුරු වී තිබෙන බවත් එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළා.