දිල්ලි කැපිටල්ස් පිලේ උප නායකත්වය ඩු ප්ලෙසිස්ට

දිල්ලි කැපිටල්ස් පිලේ උප නායකත්වය ඩු ප්ලෙසිස්ට

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උප නායකයා ලෙස දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් කටයුතු කරන බව වාර් තා වෙයි.

2024 අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කළ ඩුප්ලෙසිස් මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර එම කණ්ඩායමෙන් නිදහස් කෙරුණි. ඒ අනුව මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදී දිල්ලි කැපිටල් කණ්ඩායම විසින් ඉන්දියන් රුපියල් කෝටි 2ක මුදලකට ඩුප්ලෙසිස්ව මිලදී ගන්නා ලදි.

ඩුප්ලෙසිස් මීට පෙර අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස්, පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම්ද නියෝජනය කර තිබේ.

මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දිය ක්‍රීඩක අක්ෂාර් පටෙල්ය. කෙසේ නමුත් මීට පෙර අයි.පී.එල්. තරගාවලියේ පංජාබ් කින්ග්ස් සහ ලක්නව් සුපර් කින්ග්ස් කණ්ඩායම්හි නායකයා ලෙස කටයුතු කළ ලෝකේෂ් රාහුල් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සිටියදීම ඩුප්ලෙසිස් මෙහි උප නායකත්වයට පත් කිරීමද කැපී පෙනෙයි. කැපිටල් කණ්ඩායම ලෝකේෂ් රාහුල්ව මෙවර මිලදී ගෙන ඇත්තේ ඉන්දියන් රුපියල් කෝටි 14ක මුදලකටය.

කෙසේ නමුත් මේ වන විට 40 වැනි වියෙහි පසුවන ඩුප්ලෙසිස් 2011 වසරේ සිට 2021 වසර දක්වා දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින, ටෙස්ට් සහ විස්සයි-20 තරග අංශ තුනෙහිම නායකත්වය දරා තිබේ.

  • පසිඳු මිහිරාන් රැටියල
Share This