මල්ලිඅප්පුව රිය අනතුරේ රියදුරුට ඇප
හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළා.
මෙම නඩුව යළි මැයි මස 06 වැනිදා කැඳවීමට නියමිතයි. මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ නාවලපිටිය නවතිස්පනේ ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු අද (07) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්තාවේ මහෙස්ත්රාත්වරයා විසින් සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.
සැකකරු සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනි සිට අත්සන් කළ යුතු බව ඇප කොන්දේසියක් වනවා.
සැකකාර රියදුරාගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත්හිටවා ඇති බව සඳහන්.
බස් රථයේ හිමිකරු ද අද (07) දින අධිකරණය වෙත ඉදිරිපත් වූ බවයි, අප වාර්තාකරු ප්රකාශ කළේ.
අනතුරට පත් බස් රථය ද බැදුම්කරයක් මත හිමිකරුට මුදා හැරිමට මහෙස්ත්රාත්වරයා නියෝග කළ බව සඳහන්.
හැටන් සිට මහනුවර දක්වා 2024.12.21 දින ධාවනය කළ පෞද්ගලික බස් රථය හැටන් මහනුවර ප්රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලිමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. ඉන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලැබූ බව සඳහන්.
තුවාලකරුවන් කිහිප දෙනෙකු තවදුරටත් මහනුවර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.