කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්ව තිබෙනවා.
හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව පැවතුණා.
ඒ අනුව එම ධුරය සඳහා අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී මෙලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් කෙරුණා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ඔහුව යෝජනා කරනු ලැබුවා.
එය ස්ථිර කළේ, සභානායක බිමල් රත්නායක මහතා විසින්.
අනතුරුව නව කථානායක ධූරය සඳහා තේරී පත්වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සිය සුභාෂිංශන එක් කරනු ලැබුවා.
10 වන පාර්ලිමේන්තුව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරන ලබන පරමාදර්ශි පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි සභාව අමතමින් නව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ,
“මා කථානායක ධුරයට තෝරා පත්කරගැනීම සහ ඒ වෙනුවෙන් මා වෙත සුභාෂිංශන එක්කළ සියළු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතියි පුදකර සිටිනවා.. රටේ ජනතාවගේ අභිලාශයන් සහ අපේක්ෂාවන් මුදුන්පත් කරලීමෙහිලා වැදගත් මෙන්ම, ඉතා භාරධුර කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම අන් කවරදාටත් වඩා අප රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බව අප සියළු දෙනාම හොදින් දන්නා කරුණක්.. ව්‍යවස්ථාදායක කාර්යයන් ඉටුකිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම උත්තරීතර සභාව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින්, අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මහජන අභිලාෂයන් මුදුන්පත් කිරීමට ඔබ සියළු දෙනාගේම සහය ලැබෙනු ඇතැයි විශේෂයින් මා අපේක්ෂා කරනවා.. මා මෙම උත්තරීතර නිලය දරනතුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියළු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිමයෙන් කටයුතු කරනවා.. 10 වන පාර්ලිමේන්තුව හුදෙක්ම ජාති ආගම් ඇතුළු කිසිඳු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරන ලබන පරමාදර්ශි පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට ඔබට සියළු දෙනාගේ සහයෝගය මම නැවතත් ඉල්ලා සිටිනවා..”