මොරොක්කෝවට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යයි

මොරොක්කෝවට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යයි

බටහිර අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤය බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී පෙරලීමෙන් මාලි ජාතිකයන් 25 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 69 දෙනෙකු මිය ගිය බව මාලි බලධාරීන් පවසනවා.
මෙම බෝට්ටුව ගමන් ආරම්භ කර ඇත්තේ දෙසැම්බර් 19 වන දිනයි.

මෙම බෝට්ටුව පෙරළෙන විට පුද්ගලයින් 80 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි ඇති අතර අනතුරින් 11 දෙනෙකු පමණක් දිවි ගලවා ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් මාලි විදේශ අමාත්‍යංශය පවසන්නේ.

බටහිර අප්‍රිකාවේ වෙරළ තීරයේ සිට කැනරි දූපත් දක්වා අත්ලාන්තික් සංක්‍රමණ මාර්ගය භාවිත කරමින් ස්පාඤ්ඤයට ළඟා වීමට උත්සාහ කරන අප්‍රිකානු සංක්‍රමණිකයන් ගණන මෙම වසරේ දී ඉහළ ගොස් තිබෙනවා.

මාලි ඇතුළු සහෙල් කලාපයේ වසර ගණනාවක් තිස්සේ පවතින ගැටුම්, විරැකියාව සහ දේශගුණික විපර්යාස ගොවි ප්‍රජාවන්ට ඇති කරන බලපෑම් නිසා ජනතාව මෙලෙස මුහුද තරණය කරමින් විදේශ රටවලට අනවසර සංක්‍රමණය කිරීම දැකිය හැකියි.

Share This