ඩව්නිං වීදියේ අමුත්තන්ගේ පොත් පළමු වරට ප්රසිද්ධියට
මෑත ඉතිහාසයේ වඩාත් ප්රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අත්සන් කරන ලද ඩව්නිං වීදියේ අමුත්තන්ගේ පොත් (Downing Street visitors’ books) ප්රථම වරට ප්රසිද්ධියට පත් කර තිබෙනවා.
1970 සිට 2003 දක්වා විහිදෙන ජාතික ලේඛනාගාරය විසින් නිකුත් කරන ලද රතු සම් වැස්මක් සහිත එම වෙළුම් හි නම් අතරට ලෝක නායකයන් සහ රාජකීය පවුලේ සාමාජිකයන් ද ඇතුළත්.
එක්සත් රාජධානියේ අග්රාමාත්ය කාර්යාලයට පැමිණෙන අමුත්තන්ගේ නම් ප්රසිද්ධ නොකරන බැවින් අගමැතිවරුන් සමඟ පුද්ගලික සංවාද පැවැත්වූයේ කවුරුන්ද යන්න පිළිබඳ වටිනා වාර්තාවක් මෙම පොත්වලින් සපයනු ඇති.
මෙම වසර මුලදී ලන්ඩන් වෙන්දේසි ආයතනයක් විසින් එක් වෙළුමක් විකිණීමට ද ඉදිරිපත් කර තිබුණා.
නමුදු එය අවහිර කරන ලද්දේ, ‘ඔටුන්නට හිමි දේපළ බව’ හුවා දක්වමින් බව සඳහන්.
මෙම ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් අදහස් දක්වන, ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි කථිකාචාර්ය ආචාර්ය ජැක් බ්රවුන් සඳහන් කර තිබුණේ මෙම පොත් ‘පුදුමසහගත ඓතිහාසික නවකතා’ වන බවයි.
ඩව්නිං වීදියේ පළමු නේවාසික පර්යේෂකයා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අමුත්තන් සඳහා වන මෙම පොත් සෑම කෙනෙකුටම අත්සන් කිරීමට මේසයක් මත තබා නොතිබූ නමුත් විශේෂ අමුත්තන්ට පමණක් පිරිනැමූ ඒවා වන බවයි.
ඒ අනුව ඇතැමුන් එහි පුද්ගලික පණිවිඩ තබන ලද බවත් කියවේ.