ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් වසරේ පුද්ගලයා ලෙස නම් කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් වසරේ පුද්ගලයා ලෙස නම් කරයි

ලෝක ප්‍රකට ටයිම් සඟරාව (Time Magazine) විසින් වසරේ පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබෙනවා.

ඔහු මෙලෙස වසරේ පුද්ගලයා ලෙස නම් වන්නේ දෙවන වරටයි.

මීට පෙර 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් හට මෙම ගෞරවය හිමිව තිබුණා.

ටයිම් සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා ඔහුගේ සැලසුම් කිහිපයක් පිළිබඳව ද අවධාරණය කර තිබුණා.

ටයිම් සඟරාවේ සම්ප්‍රදායට අනුව ‘වසරේ පුද්ගලයා’ නම් කිරීම ආරම්භ කරන ලද්දේ, 1927 වසරේ සිටයි.

ඊට නම් කරන ලද පෙර ජයග්‍රාහකයින් අතරට දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග්, හිටපු ජනාධිපති බරක් ඔබාමා, මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇතුළත්.

Share This