වසර මුල ඩොලරයේ මිල
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.08ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.65ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.
- ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.50ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.297.50ක් ලෙස දැක්වෙනවා.
- ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.16ක් සහ විකුණුම් මිල රු.297.74ක් ලෙස සඳහන්.
- හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.290.00ක් වන අතර විකුණුම් මිල රු.297.00ක් වනවා.
- සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.25ක් බවත් විකුණුම් මිල රු.296.25ක් බවටත් දැක්වෙනවා.
- කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.62 ක් සහ විකුණුම් මිල රු.297.50ක් ලෙස සඳහන්.
- අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.291.20ක් ලෙසත් විකුණුම් මිල රු.296.20ක් ලෙසටත් වාර්තා වනවා