‘නාග ලෝකයෙන්’ රිටිගලට ආ දිව්‍ය ආත්ම

‘නාග ලෝකයෙන්’ රිටිගලට ආ දිව්‍ය ආත්ම

රිටිගල වන රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු පුද්ගලයෙන් දෙදෙනෙකු ප්‍රදේශයේ වනජීවි අභයභූමි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

35 හැවිරිදි වියෙහි පසු වන මෙම සැකකරුවන් වනාන්තරයේ අතරමං සිටියදී නිලධාරින්ගේ භාරයට පත්ව ඇති බව සඳහන්ය.

දෙදෙනාගෙන් එක් අයෙකු තමන් ඍෂි කෙනෙකු බව කියා ගන්නා අතර ඔහු අනුරාධපුර රාජාංගනයේ පදිංචිකරුවෙකි.

දැනට ගම්පහ පදිංචිව සිටින ඔහුගේ සහායකයා යැයි කියනු ලබන පුද්ගලයා මාතලේ ලග්ගල පදිංචිකරුවෙකි.

තමන් භාවනා කිරීම සඳහා ‘නාග ලෝකයෙන්’ රිටිගලට පැමිණි දිව්‍ය ජීවීන් තමන් බව ඔවුන් විමර්ශන නිලධාරීන් වෙත පවසා ඇත.

ලයිටරයක්, ඡායාරූප සහ වීඩියෝ කැමරාවක්, ඇඳුම් කැබලි කිහිපයක්, මාලයක් සහ උඩෑක්කියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

රිටිගල වනජීවී අභයභූමි ආරක්ෂක කාර්යාලය තහවුරු කළේ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.

Share This