ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක්

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි යි.

මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහත්වරුන් ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වී තිබුණා.

එමෙන්ම මෙම සාකච්ඡාවට පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම් සහ සමාජ 66 ට අයත් නිළධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රිඩා අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බවයි අවධාරණය කළේ.

එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කර සිටියා.

වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පසුගිය කාලයම සම්මේලනවල, සංගම්වල අර්බුද විසඳීමට වැය වූ බවත්, සංගම් තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගල වළින් ක්‍රීඩාවට අයහපතක් මිසක් කිසිඳු යහපතක් සිදු නොවන බැවින් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Share This